Thursday, August 2, 2012

පාඩම 01 (2 කොටස)


අද අපි ප්‍රශ්න හදන හැටි ඉ‍ගෙන ගමු. ඒත් තව ටිකක් ඊට කලින් අපට ඉගෙන ගන්න තියෙනවා. ඇත්තම කියනවා නම් මේක  simple tense උනාට ඉගෙන ගන්න දේවල් ගොඩාක් ම තියෙන්නේ මේ පාඩමේ තමා. මම කලින් කිවුවා ඔයාලට singular subject ගන්නේ  singular verb කියලාත් , plural subject ගන්නේ  plural verb කියලාත්. ඉතින් ඔයාලා දන්නවද මොනාද මේ singular subject, singular verb, plural subject, plural verb කියලා. ඒ වගේමයි ඉංග්‍රීසි භාෂාවේ ඔක්කෝම Verbs (ක්‍රියා පද) තියෙන්නේ සාමාන්‍යයෙන් බහු වචන ස්වරෑපයෙන්. අපි ඒවා වාක්‍යයේ යොදාගන්න කතෘට අනුව ඒක වචන හෝ බහු වචන විදිහට තියන්න ඕන. ඒහෙම ක්‍රියා පදයක්  ඒක වචන කරන්න නම්  ක්‍රියා පදයේ අගට “ s“ එකතු කරන්න ඕන.

පහත වගුවේ දක්වලා තියෙන්නේ කතෘ ගේ ඒක වචන බහු වචන ස්වරෑප.

singular subject
(ඒක වචන කතෘ)
plural subject
(බහු වචන කතෘ)
He -ඔහු
I -මම
She -ඇය
We -අපි
It -ඌ
They -ඔවුන්

You -ඔබ

You -ඔබලා

දන්නවද ඉංග්‍රීසි භාෂාවේදී “I” (මම) කියන කෙනාව ඒක වචන විදිහට හදුනා ගන්නේ නෑ. ”I බහු වචන විදිහට හදුනා ගන්නේ. ඒක rule එකක්. ඉතින් මේයාලව තමා subject විදිහට අර format (ඒ කියන්නේ S + V + O) එකට දාන්නේ. ඒවගේම අපි භාවිතා කරන ක්‍රියා පද වලත් ඒක වචන, බහු වචන භේදය තියෙනවා.
Eat කිවුවොත් ඒක “බහු වචන”. නමුත් Eats කිවුවොත් ඒක ‘ඒක වචන’. ඒක හැදෙන්නේ මෙහෙමයි.

Eat = DO + eat
Eats = DOES +eat

Run = DO + run
Runs = DOES + run

Go = DO + go
Goes = DOES + go
 
පහත වගුවේ තියෙන ‍Negative ස්වරෑපය ගැන පහළ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ ටිකත් එක්ක හිමිට ඔයා මේ වගුව තේරුම් ගන්න ඕනා.

උදාහරණ:
              He runs fast.                         
              She reads well.    
              It barks loudly.

මේ උදාහරන වල subject එක ඒක වචන නිසා ඒක වචන ක්‍රියාවක් දාලා තියෙන්නේ.   බලන්න මේ වාක්‍ය වල ඉරි ඇඳලා පෙන්නලා තියෙන ක්‍රියා පදයට  s අකුරක් එකතු කරලා ඒක ඒක වචන අර්ථයක් දෙන විදිහට සකස් කරලා තියෙන ආකාරය.


               I do it soon
              We study hard.
              They hide the truth.            
              You Know it. 
                           
          මේ උදාහරණ වල subject එක බහු වචන නිසා බහු වචන ක්‍රියාවක් දාලා තියෙන්නේ.
දැන් ඔයාලට පුළුවන් මේ වගේ වචන හොයලා මේ වාක්‍ය රටාව පුරුදු වෙන්න. ඒ කරන දේවල් හරිද වැරදිද බලන්න ඔයාගේ ඒ home work ටික මේල් කරන්න. නැත්නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. මං ඒවා බලලා දෙන්නම්.
          හරි දැන් අපිට තියෙන්නේ සරල වර්තමාන කාලයෙන් ප්‍රශ්නයක් අහන්න ඉගෙන ගන්න. දැන් අපි ට අහන්න ඕන වෙනවා ‘ඇය පාසල් යනවාද ?’ කියලා ප්‍රශ්නයක්. මේක වර්තමාන කාලයේ සරල වාක්‍යයක් විදිහට කියවෙන්නේ ‘ඇය පාසල් යනවා’ කියලා. ඒක අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ 

           She goes school
           She (does + go) = goes school 

            මේ වාක්‍ය බැළුවහම ඔයාලට පේනවා  ඒක වචන රෑපයෙන් ඉන්න ‘She’ ට අනුව ක්‍රියාව යොදලා තියෙන හැටි.දැන් මේක ප්‍රශ්නේට නඟනකොට මේ ඒක වචන ස්වරෑපය (does) ක්‍රියාපදයෙන් වෙන්කරලා ඒ පදය ඒ කියන්නේ does මුලට ගේනවා. දැන් ප්‍රශ්නේ හැදෙන්නේ කොහොමද කියලා ටිකක් හිතන්න. ඔන්න අර සරල වාක්‍යයේ තියෙන එක පදයක් වත් මේ ප්‍රශ්නය හැදෙන ක්‍රියාවේදී මඟ හැරෙන්න බෑ. මං පහතින් ඒ වාක්‍ය හදලා දීලා තියෙනවා. එත් ඔයා මුලින්  හිතන්න කොහොමද She goes school කියන සරල වාක්‍ය ප්‍රශ්නයක් විදිහට අහන්නේ කියලා. වැරදුනොත් ඒ වැරදීම අඳුන ගන්න පුළුවන් වෙන්නේ එතකොටයි.

            Does she go school ?. 

               මෙන්න මෙහෙම තමා ප්‍රශ්නේ හැදෙන්නේ. බලන්න ප්‍රශ්නෙට ප්‍රශ්නාර්ථය හඟවන ලකුණ විතරයි අළුතින්ම එකතු උනේ. තව එකක් බහු වචන කතෘ කෙනෙක් සහිත වාක්‍යක් ඇසුරෙන් හදලා බලමුද?

          They know it
          They (Do + know )= know it

දැන් ඒකේ ප්‍රශ්නේ හැදෙන්නේ ,
Do they know it? කියලා නේද?
(ඔයාට හරි උත්තරේ ගන්න බැරි උනොත් මට ඒකත් කියන්න අපි ඒකට වෙනම lesson එකක් පටන් ගමු).


           දැන් ඔයාට මේ වැඩේ පුළුවන්. එහෙම නම් ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් ඉස්සරහට කියවන්න එපා. නතර වෙන්න. මේ කියලා ‍දුන්න ටික තේරුනේ නැතුව නම් ඉස්සරහට අපි යන්නේ ම නෑ. ගියාට යැවෙන්නේ නෑ. මොකද ඔයාට තේරුම් ගන්න බැරිව ඉස්සරහට ගිහාම වෙන්නේ ඔයාවම රැවටෙන එකයි.

දැන් අපි ‘ඇත’ සහ ‘නැත’ යන අර්ථ දෙක හැඟවෙන වාක්‍ය දෙකක් හදමු ද?

        She likes apple ඇය ඇපල් වලට කැමතියි

        Does she like apple? ඇය ඇපල් වලට කැමතිද?

          මේ ප්‍රශ්න රටාව තමා අපි ඉගෙන ගත්තේ. කැමතිද වගේ positive අර්ථයක් ගෙන දෙන්න අහන්න නම් මේ රටාව හරි. දැන් අපි දීපු ඇපල් එයා කාලා නෑ කියමුකෝ.ඔන්න දැන් අපිට ඕන වෙනවා කැමති නැද්ද කියලා  වගේ negative  ප්‍රශ්නයක් අහන්න. එතකොට කොහොමද අහන්නේ?පරණ ක්‍රමේම තමා කැමති නෑ කියලා වාක්‍යය හදා ගත්තා... ඒක ප්‍රශ්නෙට පෙරළුවා. ලේසියි නේ.

            She does not like apple ඇය ඇපල් වලට කැමති නෑ

            Doesn’t she like apple? ඇය ඇපල් වලට කැමති නැද්ද?

බහුවචන කතෘ කෙනෙකුට මේක කොහොමද යොදන්නේ කියලත් බලමු.

They write a letter
Do they write a letter?

They do not write a letter
Don’t they write a letter ?



දැන්  ඔයාට ගෙදර වැඩක් තියෙනවා.  ඒකට ඔයා සරල කතා බහක්/දෙබසක් හදන්න ඕන. හිතන්න ඔන්න යාළුවෙක් හම්බුණා. නැත්නම් ඔයා අම්මාගෙන් අහනවා තේ හදනවාද කියලා. නැතිම නම් ඔයා කාගෙන් හරි අහනවා අපි පන්සල් යන්ද කියලා. ඔය වගේ නිකම් සිද්දියක් හදලා ලියලා මට එවන්න.

එහෙනම් අදට පාඩම ඉවරයි.
ඊළඟ දවසේ අපි මේකේ ම අතිත කාලය  (Past Tense) ඉගෙන ගමු.
ආයුබෝවන් !

2 comments: