Wednesday, August 1, 2012

පාඩම 01



Tenses
 අපි පළවෙනි පාඩම විදිහට Tenses ඉගෙන ගමු. Tenses ඉගෙන ගත්තාම ඔයාලට පුළුවන් සරල අදහස් ඉදිරිපත් කරන්න. මේ පාඩමෙන් ඉගෙන ගන්නේ කාල හේදය ගැන. ඒ කියන්නේ අපි අතීතයේදි කරපු දේවල් , දැන් කරන දේවල්  සහ අනාගතයේදී  කරන්න ඉන්න දේවල් ගැන ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එකයි. දන්නවද අපි කියන වාක්‍ය වල සමහර වෙලාවට කරන කෙනා පේන්න ඉන්නවා (SUBJECT) .

උදා: මම බත් කනවා   - I eat rice

          මෙතන යමක් කරන කෙනා (බත් කන්නෙ ) “මම” විදිහට දකින්න පුළුවන්. එත් සමහර වෙලාවට අපි එහෙම කියන්නේ නෑ.
       
         උදා: බත් කනවා   - Rice is eaten

මෙතන බත් කන්නේ කවුද කියලා නෑ. නමුත් ක්‍රියාව වෙනවා. මේ නිසා මුලිකව වාක්‍ය රටා දෙකක් ඉංග්‍රිසි භාෂාවේ ඉගෙන ගන්න පුළුවන්.

  • Active Voice Tenses  (ක්‍රියාව කරන්න කෙනෙක් ඉන්න වාක්‍ය)
  • Passive Voice Tenses (ක්‍රියාව කරන්න කෙනෙක් නැති වාක්‍ය)

Active Voice Tenses (කර්තෘ කාරක වාක්‍ය)
                   කර්තෘ කාරක වාක්‍ය රටාවේ ක්‍රියාව කරන කෙනා (subject) පැහැදිලිවම දකින්න පුළුවන්. මේ වාක්‍ය රටාව භාවිත කරමින් අදහස් ප්‍රකාශන විධි හතරක් (04) හදුනා ගන්න පුළුවන්. ඒවගේම එම ප්‍රකාශන විධි හතර (04) අතීත, වර්තමාන සහ අනාගත කියන කාල තුනෙන් ප්‍රකාශ කරන විට මූලික වශයෙන් අදහස් ප්‍රකාශන විදි 12 ක් ඉගෙන ගන්න පුළුවන්. ඒ ප්‍රධාන ක්‍රම 04 පහත දක්වලා තියෙනවා.
01).Simple Tenses (සරල අදහස් ප්‍රකාශනය)
02).Continues Tenses (යමක් කරමින් සිටින අදහස් ප්‍රකාශනය)
03).Perfect Tenses (යමක් කරලා තිබෙන අදහස් ප්‍රකාශනය)
04).Perfect Continues Tenses (යමක් කර කර තිබෙන අදහස් ප්‍රකාශනය ) 

              මේ ක්‍රම 04 තමා කාල භේදයට දාලා අදහස් ප්‍රකාශනය අවස්ථා 12 ක් හදාගෙන තියෙන්නේ. එහෙනම් මුලින්ම  Simple Tense සරල අදහස් ප්‍රකාශන ක්‍රමය ඉගෙන ගමු.


01.  Simple Tenses

Present simple tense
           වර්තමානයේ සිදු වන ඉතාම සරල අදහස් ප්‍රකාශ කිරිමට මේ ක්‍රමවේදය භාවිතා කරනවා. මේ විදිහට කථා කරනකොට කර්තෘ (subject), ක්‍රියාව(verb) වාක්‍ය තුල තියන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ වගේමයි හැම තිස්සෙම මතක තියා ගන්න ඕන දේ තමා කර්තෘ ඒක වචන නම් ක්‍රියාවත් ඒක වචන ස්වරූපයට තියන්න ඕන. කර්තෘ බහු වචන නම් ක්‍රියාවත් බහු වචන ස්වරූපයට තියන්න ඕන .

Subject  + Present simple verb or (is, am, are, has, have) + Rest

උදාහරණ:
  • I have a car (plural)
  • She has a car (singular)
  • I do it
  • She does it
     දැන් අපි නීතිය (grammar rule) දන්නවා. දැන් මේවා භාවිතා වෙන අවස්ථා ගැන ඉගෙන ගමු.

  • සර්ව ලෝක සත්‍යයන් ප්‍රකාශනයට භාවිතා කරයි.ඒ   කියන්නේ මේ ලෝකේ පවතින සත්‍යතා ප්‍රකාශ කිරීමට භාවිතා කරනවා.
උදාහරණ:
Sun rises in the morning and sets in the evening
ඉර උදේට පායලා හවසට බැහැලා යනවා

Dengue mosquitoes  cause deathly desease.
        ඩෙංගු මදුරැවෝ මාරාන්තික රෝග ඇති කරනවා

  • අපි කාලයකට අනුව කරන දේවල් කියන්නටත් මේ රටාවට අනුව පුළුවන්.

උදාහරණ:
             The English movie starts at every Saturday at 10 p.m
             ඉංග්‍රීසි චිත්‍රපටය හැම සෙනසුරාදාම 10ට පටන් ගන්නවා

             The express buses leave at 7.30
             වේගවත් බස් 7.30 පිටත් වෙනවා

  • I promise, I agree, I recommend, I suggest…වගේ වචන කිපයක් එක්ක මේ tense එක භාවිතා කරන්න පුළුවන්.
           
            උදාහරණ:
             I recommend it
             මම ඒක නිර්දේශ කරනවා

             I suggest you don’t do it
             මම යෝජනා කරනවා ඒක කරන්න එපා කියලා

                                   -------------------------------------- 
             

             දැන් මේ වාක්‍ය රටාවේ භාවිතය ගැන ඔයාල දන්නවා. තව පුංචි දෙයක් තියෙනවා ඉගෙන ගන්න. ඒ තමා ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියන එක. ඒක ඊලඟ දවසේ දී කියලා දෙන්නම්.

12 comments:

  1. good work go ahead.

    ReplyDelete
  2. try to explain with more and more examples and simplify as much as possible... good work.

    ReplyDelete
    Replies
    1. Thank you S.A, I do it my best as you told.

      Delete
  3. අක්කේ වැඩේ නියමයි. මගේ බ්ලොග් එකෙනුත් අනිවා හොඳ සපෝට් එකක් ඔයාට දෙනවා. ගොඩක් පිං හම්බවෙන වැඩක් කරන්නේ. දිගටමු ලියමු. අපි ඔයත් එක්කයි :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. ඔයාව සාදරයෙන් පිලිගන්නවා ඉංග්‍රීසි පංතියට.දිගටම පංතියට එන්න.මාත් ඔයාගේ අඩවියට ගියා. එකේ කියවන්න දේවල් / ඉගෙන ගන්න දේවල් බොහොමයි.

      Delete
  4. ඇයි මේක නවත්තල. දිගටම ලියන්නකෝ..

    ReplyDelete
  5. ඇත්තෙන්ම ඉතාම අගනා වැඩ සටහනක ආරම්භය විශ්මිතයි.

    ReplyDelete