Wednesday, August 1, 2012

හැඳින්වීම


ඉංග්‍රීසි කියන්නේ හරි සරල භාෂාවක්. අපි සිංහල භාෂාවෙන් කරන්නේ අපේ අදහස් ප්‍රකාශ කිරීමයි, ඕක ම ඉංග්‍රීසි භාෂාවෙනුත් කරන්න පුළුවන්. මෙතන තියෙන ලේසි බව තමා සිංහල භාෂාවෙ වගේ  කථා කරන්නයි ලියන්නයි කියලා ක්‍රම 2ක් නෑ. එකම විදිහට තමා ඔය දෙකම කරන්නේ. නමුත් මේ වෙනකොට වර්ධනය වන කටවහර බසකුත් ඉංග්‍රිසියේ නැතුවාම නොවේ. ඒ වගේමයි. ඉංග්‍රීසි බස බොහොම වීනිත බසක්. මේ නිසාත් මේ වෙනස ඇති වෙනවා.  නමුත් සිංහල  බසේ තරම් ප්‍රබල වෙනසක් නෑ.
ඉතින් මම පුංචි උත්සහයක් ගන්න හිතුවා ඔයාලටත් මේ ජාත්‍යන්තර  සරල අදහස් ප්‍රකාශන මාධ්‍යය (ඉංග්‍රීසි) ගැන කියලා දෙන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මටත් කියන්න මට පුළුවන් උදව් කරන්න. ඒ වගේම මාත් තාමත් ඉගෙන ගන්න කෙනෙක් නිසා ඔයාටත් පුළුවන් මටත් කියලා දෙන්න.  මේ අවකාශය සංවාදයට විවෘතයි. මට ලියන්න edmihiri@gmail.com කියන ඊමේල් ලිපිනයට.
       මං බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඉංග්‍රීසි පාඨමාලාවක් කරන්න නෙවේ.  බොහෝ දෙනා ඉංග්‍රීසි දන්නවා. නමුත් පංති සියකට විතර ගිහින් ගන්ධබ්බ වගේ දන්නෙත් නෑ නොදන්නවාත් නෙවෙයි තත්ත්වෙකයි ඉන්නේ. ඉතිං අපි දන්න කුලකයට එකතු වෙමු. ඒක තමා මගේ උත්සහය.
ඕනකමක් තියෙනවා නම් තනියම උනත් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. මං කියන දේ ඔයා නිතරම ප්‍රා‍යෝගිකව අත්හදා බලන්න.  ඉංග්‍රිසි ඉගෙන ගන්න නම් ඔයා තනියම බැරිනම් බිත්තියක් එක්ක හරි සංවාදේ යෙදෙන්න පුළුවන් නම්... නැත්නම් ඉස්සෙල්ලා කොලේක ප්‍රශ්න ටික ලියලා පස්සේ ඔයාම ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. වාක්‍ය රටා වල ෆොමැට් කටපාඩම් කරන් ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. ඒ වගේම ඉගෙන ගන්නකල් සිංග්‍රිසි භාවිතා කරන්න. එතකොට එළවළු වල නමුයි ඇ‍‍ඟේ කොටස් වල නමුයි කට පාඩම් කරන්න ඕන නෑ.

        එන්න අපි උඩුගං බලා පිහිනමු.....!.

7 comments:

  1. මටත් ඉංගිරිසි බැහැ මාත් ආසයි ඉගන ගන්න...

    ReplyDelete
    Replies
    1. හොඳයි. එහෙනම් හැමදාම පංති දවසට පංතියට එන්න.

      Delete
  2. සුබ පැතුම් උඩුගං බලා පීනන්න හදන උත්සාහයට. වටිනා දෙයක් ඔබ කරන්නේ. ජය..! වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පළවෙනි දවසේ ආවටත්, මට මගේ අඩුපාඩු පෙන්නලා දුනනාටත්. ආයෙත් දිනයක ඉංග්‍රීසි පංතියට එන්න.

      Delete
  3. මගෙත් ඉංග්‍රීසි දැනීම ගොඩක් දුර්වලයි.. ඕක ගැන දැනගෙන නොමිලේම මගෙ ඉංග්‍රීසිය දියුණු කරන්න බාර ගත්ත ගුරා තමයි ඔය උඩින් කොමෙන්ට් කරල තියන ප්‍රදීප් අයිය.. ලැබෙන දේකුත් නැතුව ගොඩක් මහන්සි වෙනවා.. මටත් වඩා.. මට ලින්ක් එක දුන්නෙත් එයැයි තමා මේ බ්ලොග් එකේ.. මමත් එනවා ඉගෙන ගන්න එහෙමනං..
    …මේ බ්ලොග් එක ෆලෝව් කරන්න විදියක් නැති එක නං ලොකු ප්‍රශ්නයක්.. බ්ලොග් එකේ ගැජට් වලින් ඒක ඉක්මනටම ඇඩ් කරගන්න පුලුවන්නම් ලොකු උදවුවක් වෙයි.. බ්ලොග් එකටත් හොඳ වෙයි ඒක.. :)

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් ඔබට ඉංග්‍රීසි පංතිය ෆලෝ කරන්න පුළුවන්.ස්තූතියි ඒ ගැන මතක් කලාට.

      Delete
  4. ආසයි ඉගෙන ගන්න මාත්

    ReplyDelete